Sinhala Insights

වත්මන් අර්බුධකාරී වාතාවරණය හමුවේ විශ්වාසනීය තොරතුරු මුලාශ්‍රයන් හි වැදගත් කම

ඉමේෂා තුෂානි

වර්තමානයේ උද්ගත වී ඇති තත්ත්වය හමුවේ ඉතා සීග්‍රයෙන් විවිධාකාර තොරතුරු සම්ප්‍රේෂණය වේ. නිරවද්‍ය තොරතුරු, සත්‍ය විකෘති කරන ලද තොරතුරු සහ සම්පුර්ණයෙන්ම සාවද්‍ය තොරතුරු ඒ අතර වේ. අප හොදින් දන්නා නූතන මාධ්‍ය නැතහොත් රූපවාහිනි, ගුවන් විදුලිය සහ පුවත් පත ඉතාමත් වගකීම් සහගත අයුරින් නිවැරදී තොරතුරු මූලාශ්‍රය උපයෝගී කර ගනිමින් තොරතුරු ජන ගත කරයි.

යුනෙස්කෝ සන්නිවේදන විශේෂඥ පොල්  මසැනියර්  ට අනුව රූපවාහිනි, ගුවන් විදුලිය සහ පුවත් පත් හි අඩංගු තොරතුරු මගින් විශ්වසනීයත්වය ගොඩ නැංවෙන ආකාරය කෙබඳුද යන්න පිලිබඳ සරල ආකෘතියක් හඳුන්වා දී තිබේ.

A + B + C = C

A =   නිරවධ්‍ය බව (Accuracy)

B = සමබර තාවය (Balance)

C = නිරවුල් බව (Clarity)

C= විශ්වසනීයත්වය (Credibility)

පුවත් සංසරණය වීමේදී නිරවධ්‍ය බව, සමබර තාවය, නිරවුල් බව සහ විශ්වසනීයත්වය කැටි වී තිබීම වැදගත් බව මෙම ආකෘතිය තුලින් පැහැදිලි කර ඇත.

නමුත් සමාජ මාධ්‍ය මෙම ආකෘතිය භාවිත කරන්නේද යන්න ඇත්තේ ගැටලුවකි. සමාජ මාධ්‍ය ඕනෑම පුද්ගලයෙකුට ඕනෑම ස්ථානයක සිට හසුරවලිය හැකි බැවින් කිසිඳු වගකීම් සහගත බවක් නොමැත. සමාජ මාධ්‍යය ඔස්සේ සංසරණය වන තොරතුරු නිවැරදි මුලාශ්‍රයන් ලෙස අපට හඳුනා ගැනීම අපහසුය.නමුත් වර්තමානයේ  අසත්‍ය තොරතුරු සමාජ ගත කිරීම මගින් කිසියම් ආකාරයක ප්‍රචාරණයක් ලබා ගැනීමට සුළුතරයක් වූ වගකීම් විරහිත සමාජ ජාල වෙබ් අඩවි කටයුතු කරන බවක් පෙනී යයි.

2019 අප්‍රේල් 21 සිදු වූ බෝම්බ ප්‍රහාරය පිළිබද අසත්‍ය තොරතුරු ප්‍රචාරය කල පුද්ගලයින් මෙන්ම COVID – 19 වසංගතය පිලිබඳ සහ මෙම වයිරසය බෝ වූ පුද්ගලයන් පිළිබද ද අසත්‍ය තොරතුරු පතුරවා ලු පිරිස අඩංගුවට ගෙන තිබෙන බවක් රුපවාහිනී ප්‍රවෘත්ති මගින් අපට දකින්නට ලැබේ.

මෙවැනි  සාවධ්‍ය තොරතුරු සමාජ ගත වීම  සමාජයට හානි දායකවන අතර, පුද්ගල ප්‍රතිරූප බිඳ වැටීම්  සඳහාද ඍජුවම බලපායි. වත්මන් රජයේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල වෙබ් අඩවියද ඉතා විශ්වාසනීය තොරතුරු මුලාශ්‍රයක් ලෙස හදුන්වා දිය හැකිය. වර්තමානයේ උද්ගත වී ඇති තත්ත්වය හමුවේ ඉතා සීග්‍රයෙන් විවිධාකාර සාවද්‍ය තොරතුරු සම්ප්‍රේෂණය වීම වැළක්වීම සඳහා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල නිවේදන, ජනාධිපති ලේඛම් කාර්යාලයේ අනුමැතිය සමගින් ඔහුගේ නිල වෙබ් පිටු සහ සමාජ මාධ්‍ය පිටු හරහා පමණක් ප්‍රකාශයට පත් කරනු ලැබේ. එම නිවේදනය මෙසේය.

නිශ්චිත හිමිකාරිත්වයක් හෝ වගකීමක් නොමැති බැවින් සමාජ මාධ්‍ය මෙලෙස වගකීම් විරහිතව කටයුතු කිරීම ඉතා ඛේදනීය තත්ත්වයකි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ නිල නිවේදනයට අනුව සෞඛ්‍යය හා සමාජ ආරක්ෂාව වෙනුවෙන් ස්ථාපිත අරමුදල මුල් කර ගනිමින් වංචනික අයුරින් මුදල් ගසා කන පුද්ගලයන් සිටින බැවින් විශ්වසනීය තොරතුරු මුලශ්‍රයන් වෙන් කර හදුනා ගැනිමට අප බුද්ධිමත් විය යුතුය.

ඒ අනුව රටෙහි පවතින අර්බුධකාරී තත්ත්වය හමුවේ තම ගොසිප් පිටු සදහා Likes, Views වැඩි කර ගැනීමේ ක්‍රමෝපායක් ලෙස මෙලෙස සාවධ්‍ය තොරතුරු පල කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැක.

අන්තර්ජාලයේ සදහන් Covid-19 පිලිබඳ ලැබෙන තොරතුරු  නිවැරදි දැයි හදුනා ගැනීමට ඉතා සරල පියවර කිහිපයක් අනුගමනය කල හැකිය.

  • අන්තර්ජාලයේ සදහන් තොරතුර හොදින් පරික්ෂා කිරීම.
  • එම තොරතුර පල වී ඇති වෙබ් අඩවිය හොදින් විමර්ශනය කිරීම.
  • තොරතුරෙහි  උපුටා දක්වා ඇති පුද්ගල නාම කෙරෙහි  සැලකිල්ලට ගැනීම.
  • ඊට සමගාමී තොරතුරු සමග සංසන්දනය කිරීම.
  • COVID-19 පිළිබඳ නවතම තොරතුරු නිල වෙබ් පිටු මගින් හෝ  ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ගෙන් පමණක් ලබා ගැනීම.

මෙම සරල පියවර කිහිපය අනුගමනය කිරීම මගින් අන්තර්ජාලයේ තොරතුරු වල සාවධ්‍ය බව සහ නිරවධ්‍ය බව හොදින් අවබෝධ කර ගත හැකි වේ. එම නිසා පවතින COVID -19 වසංගතය සහ ඒ ආශ්‍රිත සත්‍ය තොරතුරු දැන ගැනීමට අවැසි නම් සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාල පොදුවේ පිළිගත් වෙබ් අඩවි පරිශීලනය කිරීම යෝග්‍ය වේ.

ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රධානතම විශ්වාසනීය තොරතුරු මුලාශ්‍රය වේ.

තවද  වේගයෙන් සංසරණය වන අසත්‍ය තොරතුරු වලට එරෙහිව සටන් කිරීමේ අරමුණින් ලෝක සෞඛ්‍ය සංවිධානය සහ වයිබර් (Viber) නව හවුල්කාරිත්වයක් ගොඩනගා  තිබේ.

ලොව වටා සිටින ජනයාට මෙන්ම ශ්‍රී ලංකේය ප්‍රජාවට ද COVID-19 අවධානමෙන් මිදීම සඳහා නිරන්තරයෙන් උපදෙස් ලබා දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කර ඇති අකාරය මෙසේය.

  • විවිධාකාර  ෆේස් බුක් සටහන්  පාදක කරමින් ඉතා සරලව අනුගමනය කළ යුතු පියවරයන් ඉදිරි පත් කර තිබේ.

මුලාශ්‍රය ලෝක සෞඛ්‍ය සංවිධානය

  • යු ටියුබ් මාධ්‍යය ද පාදක කර ගනිමින් සිංහල භාෂාව භාවිත කරමින් උපදෙස් මාලාවක් ඉදිරිපත් කර තිබේ.

මුලාශ්‍රය

  • සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය – නිල වෙබ් පිටුවෙහි COVID -19  පිටුවක් නිර්මාණය කර එමගින් ජනතාවට අවශ්‍ය ආරක්‍ෂිත පිළිවෙත් පිලිබඳ විස්තර ඉදිරිපත් කර තිබේ.

ෆේස් බුක් සටහන් භාවිතයෙන් මහ ජනතාවට උපදෙස් ලබා දීම නිරන්තරයෙන් සිදු කරයි.

මුලාශ්‍රය

එමෙන්ම නිවුස් ෆස්ට් නිල වෙබ් අඩවිය ඔස්සේද වසංගතය පිලිබඳ තොරතුරු නිරතුරු යාවත්කාලින කරයි.

සිරස / නිවුස් ෆස්ට් මුලශ්‍රයට අමතරව සිරස මාධ්‍ය ජාලය ට අනුබද්ධිත MTV මාධ්‍ය නාලිකාව නියෝජනය කරමින් චතුරංග හපුආරච්චි විසින් පවත්නා ගෙන යන ට්විටර් ගිණුම ද විශ්වසනීය තොරතුරු මුලශ්‍රයක් ලෙස අපට හදුනා ගත හැකිය.

ඕනෑම තොරතුරක් ප්‍රමුඛව ජනගත කිරීමට සැදී පැහැදී සිටින ඇති විශිෂ්ට වෙබ් අඩවියකි.එමෙන්ම මෙම වත්මන් තත්ත්වය හමුවේද නිවැරදි තොරතුරු ලබා දීමට නිරන්තරයෙන් සැදී පැහැදී සිටියි.


එමෙන්ම පොදුවේ පිළිගත් විශ්වසනීය තොරතුරු මුලාශ්‍රයන් ට අමතරව හෙළකුරු (Helakuru)  යෙදවුම හරහාද එසැනින් තොරතුරු දැන ගත හැකිය.

සාම්ප්‍රධායික සිංහල අක්ෂර පුවරුවෙන් ඔබ්බට ගොස් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු මගින් පුද්ගලයන් යාවත්කාලින කිරීම ඉතා වටිනා ක්‍රියාවකි.මෙහි ගෞරවය හිමි වන්නේ හෙළකුරු යෙදවුම නිර්මාතෘ ධනික පෙරේරාටයි.සමාජයට සාවධ්‍ය තොරතුරු දී ජනතාව නොමග යවන කීබෝර්ඩ් වීරයන්ට ධනික පෙරේරා ව ආදර්ශයට ගත හැකි නම් සමාජය මීට වඩා  දියුණු තලයක ට ගෙන යා හැකිය.

ආරෝග්‍ය පරමා ලාභා.  නිරෝගි කම  උතුම්ම  ලාභයයි  .මෙය හුදෙක් වාක්‍යයකට පමණක් සිමා නොකර නිරෝගී කම වෙනුවෙන් අපි සියලු දෙනා එක්ව කටයුතු කිරීම වඩා  යහපත් වේ. එම නිසා සමාජයේ සංසරණය වන තොරතුරු වල සාවධ්‍ය ,නිරවධ්‍ය බව මැනවින් අවබෝධ කර ගත යුතුය.විශ්වාසනීය තොරතුරු මුලාශ්‍රයන් මොනවාදැයි යන්න හඳුනා ගෙන ඒ පිලිබඳ අවබෝධයෙන්  සිටීම වැදගත් වේ.නිරන්තරයෙන් තොරතුරු ගවේෂණය කරමින් නව තොරතුරු වලින් යාවත්කාලින වීම මගින් සමාජයේ කැපී පෙනෙන පුද්ගලයෙකු බවට පත් විය හැකිය.

About Author

මෙහි කතුවරයා වන ඉමේෂා තුෂානි PR WIRE ආයතනයෙහි සෞඛ්‍ය සත්කාර සන්නිවේදනය සහ මහජන සම්බන්ධතාවයට අදාලව විධායක නිලධාරිනියකු ලෙස කටයුතු කරයි. ඇය මහජන සම්බන්ධතා සහ මාධ්‍ය කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රවේදී (ගෞරව) උපාධිධාරිනියක් වන අතර මේ වන විට මනෝ විද්‍යා උපදේශනය පිළිබඳ ඩිප්ලෝමාවක් හදාරමින් සිටී. ඇය වෘත්තීය අවධානයට අමතරව, ප්‍රජාව වෙත ධනාත්මක අදහස් පතුරුවා හැරීමට නිරතුරුවම උත්සහ කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *