Sinhala Insights

මානසික සෞඛ්‍යය කෙරෙහි රාජකාරී කටයුතු සහ කොරෝනා වසංගතයෙහි බලපෑම

By Rishanya Suheini

කොවිඩ් 19 වසංගතය සහ වෙනත් අභියෝගයන් හේතුවෙන් බොහෝ අය මානසික
වශයෙන්:
• වැටීම
• ව්‍යාකූල වීම
• කළකිරීම
• අවපාතනයට පත්වීම
• නිරන්තරයෙන් වෙනස්වන තත්වයන් සම්බන්ධව කණස්සල්ලෙන් සිටීම සහ සාමාන්‍ය තත්වයට පත්වීම සම්බන්ධ අපේක්ෂාවෙන් සිටීම සිදුවේ.
අප බොහෝ දෙනා හට, දැනට අප ජීවත්වන ආකාරය සහ රාජකාරී කරන ආකාරය වෙනස් වී ඇත. අප ජීවත්වන ස්ථානය සහ කුමන රාජකාරී කරන්නේද ඇතුළු බොහෝ හේතූන් නිසා අපගේ අත්දැකීම් විවිධාකාර වේ. සමහර අය හට මෙයින් අදහස් වන්නේ දුරස්ථව රාජකාරී කිරීම, රාජකාරී ස්ථානයේ ආරක්ෂාකාරීව සිටීමට නව මං ඉගෙනීම හෝ රාජකාරී සහ රැකවරණ වගකීම් අතර ඇති සීමාවන් සමඟ පොරබැදීම වේ. ඔබගේ වයස හෝ අවස්ථානුගත කරුණ කුමක් වුවද, ඔබගේ මානසික සෞඛ්‍යය රැකබලා ගැනීම සහ කුමන උපකාර අවශ්‍යද යන්න දැනගැනීම ඉතාම වැදගත්වේ. නව රැකියාවක් සොයා ගැනීමට, හෝ ඉගෙනීම හෝ පුහුණුව ආරම්භ කිරීමටද උපකාර අවශ්‍ය විය හැකිය.
ඔබගේ මානසික සෞඛ්‍යය සහ සුබසාධනය රැකබලා ගැනීම, රාජකාරියේදී ඔබගේ ශාරීරික ආරක්ෂාව මෙන්ම වැදගත් වේ. කිසිදා නොකල ආකාරයට ප්‍රත්‍යස්ථව සිටීම සඳහා කුසලතාවයන් ගොඩනඟා ගැනීම සඳහා අපි උත්සහ කරමින් සිටිමු. ඔබට කණස්සල්ලක් ඇත්නම්, උපකාර ඉල්ලා සිටීම යෝග්‍ය අතර, උපකාර ඉල්ලා සිටීම අත්‍යවශ්‍ය වේ. විවිධ අභියෝගයන් හට මුහුණ දෙන අය සඳහා ලබාගත හැකි උපකාර බොහොමයක් ඇත.
• රාජකාරියේදී කරන සන්නිවේදන
බොහෝ වෙනස්කම් කඩිනමින් සිදුවන අවස්ථාවක, ඔබගේ කළමනාකාරවරයා සහ කණ්ඩායම සමඟ සන්නිවේදනය පවත්වා ගැනීම වැදගත්වේ. නැවත රාජකාරියට යාම හෝ රාජකාරිය සම්බන්ධයෙන් ඔබට ඇති ගැටළු සම්බන්ධයෙන් විවෘත සහ අවංක වන්න. මෙමගින් ගැටළු විසඳා ගැනීමටත්, ගැටුම් අවමකර ගැනීමටත්, වෙනස්කම් වලට හැඩ ගැසීමටත් ඔබට උපකාරවේ.
• රාජකාරී ස්ථානයේ වෙනස
වෙනස අපහසු සහ අවිනිශ්චිත විය හැකිය. ඔබ සහ ඔබගේ කණ්ඩායම රාජකාරී කරන ආකාරයට සහ රාජකාරී ස්ථානයට හැඩගැසෙන බැවින් සමතුලිතතාවයක් නැති ලෙස දැනිය හැකි බව මතක තබා ගන්න. දිනපතා එන ආකාරයට මුහුණ දෙන්න, එසේම අප වෙනසට මුහුණ දෙන විවිධ ආකාර සම්බන්ධයෙන් අවබෝධයෙන් සිටින්න.
• දින චර්යාව සම්බන්ධ උපකාර
නව දින චර්යාවක් ඇතිකර ගැනීම රාජකාරී ස්ථානය වෙත නැවත පිවිසීමට හෝ කොවිඩ් ආසාදනයෙන් ආරක්ෂාවන නව ආකාරවලට හැඩගැසීමට ඔබට උපකාර වේ. මෙම නැවුම් ආරම්භයේදී ඔබගේ නව දින චර්යාවට ඇතුළත් කල හැකි ක්‍රියාකාරකම් ගැන සිතීමටද මෙය කදිම අවස්ථාවකි. මෙයට ව්‍යායාම, භාවනා කිරීම සහ කියවීම වැනි සන්නිවේදනයේ නව ආකාරද ඇතුලත් කර ගත හැකිය.
• ඔබ වෙනුවෙන්ද කාලය වෙන් කර ගන්න.
නවතම තොරතුරු සමඟ යාවත්කාලීන වීම, වෙනස්කම් සහ ප්‍රමුඛතාවයන් වෙහෙසකර විය හැකිය. මෙම අමතර බර කළමනාකරණය කිරීම සඳහා නින්ද, ව්‍යායාම සහ නැවුම් ශක්තිය ලබා ගැනීමටද කාලය වෙන් කර ගැනීම වැදගත් වේ.
• උපකාර ලබා ගන්න
ඔබට කණස්සල්ලක් දැනේනම් , එය ඔබ ලඟ තබා ගැනීමට වඩා උපකාර ලබාගැනීම මගින් ඔබට වඩා වේගයෙන් යථා තත්වයට පත්විය හැකිය. මෙය ඔබගේ පවුලේ අයගෙන්, මිතුරන්ගෙන් හෝ වෘත්තීය උපකාර මගින් විය හැකි වුවද, කාලයෙන් කාලයට අප සැවොම හට උපකාර සහ උපදෙස් අවශ්‍යවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *